2012-01-30

57th Filmfare awards Winners 2012... ඔන්න ඔයාලගේ තීරණෙත් හරිද බලන්න.


ඔන්න හින්දි සිනමාවේ වර්ණවත්ම රාත්‍රිය Filmfare සම්මාන උලෙල ඊයේ රාත්‍රියේ අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණා. ඔයාලත් අනුමාන කරානේ සම්මාන ලැබිය යුත්තේ කාටද කියලා. ඔන්න බලන්නකෝ ඔයාලගේ තීරණේ හරිද කියලා.

මම සම්මාන දිනාගත් අයගේ නම් විතරක් අද ඔයාලට අරගෙන ආවේ. ලගදීම ඒ වර්ණවත් රාත්‍රිය ඔයාලට බලන්න මම දෙන්නම්. නිර්දේශ වුණු නම් මොනාද කියලා මෙන්න මෙතනින් බලන්න පුලුවන් ඔයාලට.

එහෙනම් ඔන්න සම්මාන දිනාගත්තෝ....


Best Actor Popular – Ranbir Kapoor – Rockstar



Best Actress Popular – Vidya Balan – The Dirty Picture



Best Film Popular – Zindagi Na Milegi Dobara

Best Director Popular – Zoya Akhtar – Zindagi Na Milegi Dobara

Best Film Critics – Zindagi Na Milegi Dobara

Best Actor Critics (Male) – Ranbir Kapoor – Rockstar

Best Actor Critics (Female) – Priyanka Chopra – 7 Khoon Maaf

Best Supporting Actor (Male) – Farhan Akthar – Zindagi Na Milegi Dobara

Best Supporting Actor (Female) – Rani Mukherjee – No One Killed Jessica

Best Music Director – AR Rahman – Rockstar

Best Lyrics - Irshad Kamil – Nadaan Parindey – Rockstar

Best Playback Singer (Male) – Mohit Chuhan – Jo Bhi Main – Rockstar

Best Playback Singer(Female) - Usha Uthap and Rekha Bharadwaj – Darling

RD Burman Award for upcoming talent in field of music – Krsna – Tanu Weds Manu

Partho Gupte – Special Filmfare Jury Certificate – Stanley Ka Dabba

Lifetime Achievement Award – Aruna Irani

Best Dialogue - Farhan Akthar – Zindagi Na Milegi Dobara

Best Screenplay - Akshat Verma – Delhi Belly

Best Story - Sanjay Chauhan – I Am Kalam

Best Debut Director – Abhinay Deo – Delhi Belly

Best Debut Male – Vidyut Jhamwal – Force

Best Debut Female – Parineeti Chopra – Ladies vs Rickie Bahl

Best Choreography – Bosco-Caesar – Senorita – Zindagi Na Milegi Dobara

Best VFX – Red Chillies VFX – Ra.One

Best Background Score – Ranjit Barot – Shaitan

Best Action – Action Concepts – Don 2

Best Cinematography – Carlos Catalan – Zindagi Na Milegi Dobara

Best Editing – Huzefa Lokhandwala – Delhi Belly

Best Production Design – Shashank Tere – Delhi Belly

Best Sound Design – Nakul Kamte – Don 2

Best Costume – Niharika Khan – The Dirty Picture

මොකද හිතෙන්නේ මේ ගැන. කමන්ටුවක් දාලා යන්න ඔයාලගේ අදහස් ලියලා.... :)

Share/Bookmark

Zindagi Na Milegi Dobara (2011) ජිවිතේ අපිට දෙසැරයක් ලැබෙන්නේ නෑ...


ඔන්න අදත් පසුගිය වසරේ ඉතාමත් සාර්තක වුන හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා ඔයාලට බාගන්න. ඊයේ රාත්‍රියේ පැවති Filmfare සම්මාන උලෙලේදී මෙම චිත්‍රපටය හොදම චිත්‍රපටය, හොදම අධ්‍යක්ෂණය ඇතුලු සම්මාන ගණනාවක් දිනාගත්තා. ඒ විස්තර ලගදීම දෙනවා මම. ඒ ගැන විස්තර දැනට අපේ Facebook Page එකෙන් බලාගන්න පුලුවන් ඔයාලට. මෙන්න මෙතනින් යන්න ඒ ගැන විස්තර බලන්න.

මෙම චිත්‍රපටය ගැන කියනවානම්, කවුරුත් ආස වෙයි බලන්න, මොකද මේ චිත්‍රපටයෙන් අපිට ජිවිතය කියලා දෙනවා. අපි කොහොමද හරි තීරණයක් ගන්නේ ප්‍රශ්ණයක් ආවාම කියලා... චිත්‍රපටයේ  නමේ තේරුම වගේම අපිට මේ ජීවිතය දෙසැරයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ජිවත් වෙනකොට ගන්න තීරණ අපි හිතට එකගව ගන්න ඕන.

කතාව දිවෙන්නේ කෙලිලොල් තරුණයෝ තුන් දෙනෙක් වටා. එක තරුණයෙක් තම ජීවිතයම සල්ලි කරගෙන ඉන්නේ. ඔහුට මේ නිසා පෙම්වතියත් නැතිවෙනවා. ඒත් ඔහුට පසුව මුණගැසෙන තරුණියක් නිසා ඔහු සල්ලිම නෙවේ ජීවිතය කියලා වටහා ගන්නවා. අනෙක් තරුණයා තමාගේ පියාව හොයාගෙන යන කෙනෙක්. තුන්වෙනි තරුණයා ලෑස්ති වෙලා ඉන්නේ නොගැලපෙන විවාහයක් කරගන්න. ඔහු හිතින් මේ ගැන වද විදිනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්ණ වලින් වද විදින තරුණයන් තුන්දෙනෙක් එම ප්‍ර්ශ්ණ ජයගන්න ආකාරය තමා කතාවට ඇතුලත් වෙන්නේ. චිත්‍රපටය කම්මැලි නැතුව බලන්න පුලුවන්. ආදරණීය වගේම කොමඩි වලිනුත් පිරුණු චිත්‍රපටයක්.

ප්‍රධාන චරිත  Hrithik Roshan, Abhay Deol, Farhan Akhtar, Katrina Kaif, Kalki Koechlin යන අය රගපානු ලබන අතර, අධ්‍යක්ෂණය  Zoya Akhtar  විසින්.නිෂ්පාදනය Farhan Akhtar, Ritesh Sidhwani  විසින්. සංගීතය  Shankar-Ehsaan-Loy විසින්. තිරගත වෙන්න පටන් ගත්තේ 2011 ජූලි මස 15 වෙනිදා සිටයි. ඉතාමත් සාර්තක වුණු චිත්‍රපටයක්. ගොඩ දෙනෙක් මේ වෙනකොට බලන්නත් ඇති.

මෙම චිත්රපටය රටවල් ගණනාවක රූ ගත කරලා තියෙනවා. චිත්රපටය බලනකොට ඒක ඔයාලට දකින්න ලැබේවී. ඒ රටවල් තමා Barcelona, Pamplona, Bunol, Andalucia in Spain, UK, Egypt සහ Mumbai. මෙහි කත්‍රිනා කායිෆ් පලමු වරට පෙන්වන දර්ශනය අඩංගු වෙරල Nude beach එකක්. ඒ නිසා එම දර්ශණය බොහොම පරිස්සමෙන් තමා රූ ගත කරලා තියෙන්නේ. තව දෙයක් පෘතුගාලයේ පැවැත්වෙන තක්කාලි වලින් ගැසීමේ උත්සවයත් මොවුන් අමුතුවෙන්ම රූ ගත කරලා තියෙනවා. තක්කාලි වලටම බර වියදමක්ලු. ඒ වගේම Pamplona වල Bull Run දර්ශනත් මෙහි අඩංගුයි.

මම මේ ලිපිය ලියන මොහොත වෙනකොට මෙම චිත්රපටයට සම්මාන ගණනාවක් ලැබිලා ඉවරයි Filmfare සම්මාන උලෙලේ දී. 

මේ එහි වඩාත්ම ජනප්‍රිය වූ සින්දුව වගේම සම්මානයකුත් දිනපු සින්දුවක්.




රාත්‍රී තුනක් Alájar වලදී මෙම සින්දුව රූ ගත කරලා තියෙනවා. ඒ නගර වැසියන් සියලු දෙනාගේම සහයෝගය මේ සදහා ලැබී තියෙනවා. එ බව ඔයාලට සින්දුව බලනකොටම දැක ගන්න ලැබෙවී.


ඔන්න කමන්ට් එකක් දාලා යන්න කට්ටියම. චිත්‍රපටය බලපු අය කතාව කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා.






( ඉංග්‍රීසි උපසිරැසි සහිතයි)






Share/Bookmark

2012-01-28

7 Khoon Maaf ( 2011) සැමියන් 07 දෙනෙක්ම මරපු සුසානාගේ කතාව...

පසුගිය වසර තුල වැඩිපුරම සාර්ථකත්වයක් ලබපු මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත Filmfare සම්මාන සදහා නිර්දේශිත චිත්‍රපට මාලාවේ තවත් ඔයාලා බැලිය යුතුම චිත්‍රපටයක් ඔන්න අදත් මම අරගෙන ආවා. චිත්‍රපටය නිකුත්වෙලානම් දැන් වසරක් වගේ වෙනවා. ඒක නිසා ගොඩාක් අය බලන්නත් ඇති මේ චිත්‍රපටය.


ටිකක් අමුතු විදියේ කතාවක්. ඔයාලා කැමති වෙයි බලන්න. මෙන්න මෙහෙමයි කතාව සැකෙවින්. Susanna Anne - Marie Johannes කියන්නේ සුරූපී ඇන්ග්ලෝ ඉන්ඩියන් කාන්තාවක්. ඇයගේ විශේෂත්වය තමා ඇය තම ජීවිත කාලය තුල බදින බදින සැමියාව මරා දාන එක. ඇය තමා සමග විවාහ වන සැමියන් 07 දෙනාම මරලා දානවා. ඇය හොයන ආදරය මේ එක සැමියෙකුගෙන්වත් ඇයට ලැබෙන්නේ නෑ, කතාව බලනකොට හිතෙනවා ඇය කරන දේ හරි කියලත් වෙලාවකට. ඔයාලත් කතාව බලලාම තීරණය කරන්නකෝ ඇය හරිද වැරදිද කියලා. ඇය පොඩි පිරිමි ලමයකුට ඇයගේ වියදමින් හොදට උගන්වනවා. ඔහු පසු කාලයක අධිකරණ වෛද්‍යවරයෙකු වෙනවා. ඔහු පොඩි කාලේ ඉදලාම මේ සුසානාට ආදරයෙනුයි පසුවෙන්නේ. අන්තිමට සුසානාගේ මරණය පිලිබදව පරීක්ෂණ පවත්වන්න වෙන්නෙත් ඔහුටමයි.


 බලන්නකෝ හරිම වෙනස් විදියේ කතාවක්, මෙහි Priyanka Chopra විසින් සුසානාගේ චරිතය ඉතා දක්ෂ ලෙස නිරූපණය කරනවා. මේ නිසාමයි ඇය සම්මාන උලෙලවල් ගණනාවක මේ චිත්‍රපටය සදහා හොදම නිලියට හිමි සම්මානය සදහා නිර්දේශ වෙලා තියෙන්නේ. අපි බලමු ඇයට සම්මානයක් හිමි වෙයිද කියලා.

මෙන්න බලන්න මේ චිත්‍රපටය දැනට ලැබිලා තියෙන සම්මාන හා නිර්දේශ වුන අවස්ථා


Nominated
§  Best LyricistGulzar - Darrling
§   

COLORS SCREEN AWARD

Winner
§  Colors Screen Award for Best Actor in a Negative Role Female - Priyanka Chopra
Nominated
§  Colors Screen Award for Best Actress - Priyanka Chopra
§  Color Screen Award for Best Actor in a Supporting Role - Neil Nitin Mukesh
§  Color Screen Award for Best Playback Singer Female - Usha Uthup - Darrling
§  Color Screen Award for Best Choreography Sandeep Suparkar – Darrling
§   
Nominated

Nominated
§  Best Actress In A Leading Role - Priyanka Chopra
§  Best Cinematography - Ranjan Palit
§  Best Lyrics - Gulzar
§  Best Sound Design - Shajith Koyeri
§  Best Art Director - Subrata Chakraborty & Punita Grover
§  Best Costume Design - Payal Saluja
§  Best Choreography - Raju Sundaram for 'Doosri Darling' 

DADASAHEB PHALKE ACADEMY AWARDS
Winner
§  Memorable Performance Award – Priyanka Chopra

චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2011 පෙබරවාරි මස 18 වෙනිදා සිටයි, ප්‍රධාන චරිත  Priyanka ChopraNeil Nitin MukeshJohn AbrahamIrrfan Khan, Aleksandr Dyachenko, Annu KapoorNaseeruddin Shah,Vivaan Shah, Usha Uthup යන අය රගපානු ලබනවා. අධ්‍යක්ෂණය  Vishal Bhardwaj විසින්, නිෂ්පාදනය  Ronnie Screwvala, Vishal Bhardwaj විසින්. සංගීතය Vishal Bhardwaj  විසිනුයි.

මෙන්න එහි වඩාත්ම ජනප්‍රිය වුණු සහ සම්මාන සදහා නිර්දේශිත වුණු සින්දුව.


ඔන්න බලපු නොබලපු සේරම අය කමන්ටුවකුත් දාගෙනම යන්න. මට ඒක ගොඩාක් වටිනවා.



(ඉංග්‍රීසි උපසිරැසි සහිතයි)


Share/Bookmark

2012-01-25

Rockstar ( 2011) අහිමි ආදරයෙන් පන්නරය ලැබූවෙක්...


පසුගිය වසර තුල ඉතාමත් සාර්තකත්වයක් ලබපු තවත් හින්දි චිත්‍රපටයක් තමා Rockstar කියන්නේ. Filmfare සම්මාන මේ චිත්‍රපටයටත් හිමි වෙයි කියලා තමා ගොඩාක් දෙනෙක්ගේ අදහස. විශේෂයෙන්ම රන්බිර් කපුර්ගේ රංගනය ඉතාමත් උසස් මට්ටමක තියෙනවා මෙම චිත්‍රපටයේ. Ranbir Kapoor, හදුන්වාදෙන නිලි American Model කෙනෙක් වශයෙන් සිටි Nargis Fakhri, Shammi Kapoor, Aditi Rao යන අය මෙහි රංගනයෙන් දායක වෙනවා.  Shammi Kapoor මියයාමට පෙර රගපෑ අන්තිම චිත්‍රපටය තමා මේ. විශේෂම දෙයක් තමා මෙහි සංගීතය A.R.Rahman විසින්. එම නිසාම මෙම චිත්‍රපටය සංගීතමය චිත්‍රපටයක් කියලා හැදින්නුවාට වරදක් නෑ. අධ්‍යක්ෂණය Imtiaz Ali විසින්. නිෂ්පාදනය Shree Ashtavinayak Cine Vision සහ Eros විසින්. තිරගත වුණේ හරියටම 11/11/11 වෙනිදා..

චිත්‍රපටය ගලාගෙන යන්නේ Jordan නමින් ප්‍රසිද්ධ Rockstar කෙනෙක් වටා. කතාව පටන් ගන්නකොටම දකින්න ලැබෙන්නේ ජෝර්දාන්ගේ සංගීත ප්‍රසංගයකට ඉතාලියේ නගරයක පිරී සිටින මහා රසික පිරිසක් පෙන්වමින්. අපේ රොක්ස්ටාර් එනවා ඒ අතර චන්ඩින් වගයක් සමග ගැටුමක් හමාර කරමින් ලේ පිහිද පිහිදා ස්ටේජ් එකට. ඔහු ඉහල රසික ප්‍රතිචාරයක් ලබනවා. ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ මේ රොක්ස්ටාර් ගේ අතීත කතාව.

ජනර්දන් ජාකර් ( JJ) කියන්නේ දිල්ලි වල ජීවත්වන තරුණයෙක්. ඔහු ඉගෙන ගන්න පාසලේ සුරූපීම තරුණිය තමයි හීර් කියන්නේ. මේ JJ ට ඇය ගැන සිතක් පහල වෙලා ඉන්නේ. ඉතිං දවසක් ඔන්න අමාරුවෙන් ට්‍රයි කරලා අර තරුණියගෙන් අහනවා කැමැතිද කියලා.  ඇය ඔහුට බැනලා එලවා ගන්නවා. කොහොම හරි මේ සිදුවීමෙන් පස්සේ ඔවුන් දෙදෙනා හොදම යාලුවෝ වෙනවා. හීර්ට කරන්න ඕන දග වැඩ සේරම කරන්නේ මේ JJ එක්ක එකතුවෙලා. හීර්ගේ මංගල්‍යයට අවශ්‍ය හැමදේමත් සූදානම් කරලා දෙන්නේ JJ.

කොහොමින් කොහොම හරි මේ දෙන්නාට දෙන්නා නැතිවම බැරි දෙන්නෙක් වෙනවා. ඉතිං කතාවේ ඉතිරි ටික මම කියන්නේ නෑ. ඔයාලම බලන්න JJ කොහොමද Rockstar කෙනෙක් වෙන්නේ කියලා. රන්බීර්ගේ මෙම රංගනය නිසා දැනටමත් ඔහු හොදම නලුවාට හිමි සම්මානය දිනාගෙන තියෙනවා සම්මාන උලෙලවල් කිහිපයකදීම. Filmfare හොදම නලුවා සම්මානයත් ඔහු ගනිවි කියලා තමා ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඔයාලත් ඒක තීරණය කරන්නකෝ ඔහුගේ රංගනය කොහොමද කියලා බලලා.

මෙන්න එහි අඩංගු වන මනරම් ගීත කිහිපයක්.



කමන්ට් එකක් දාන ගමන්ම අනෙක් යාලුවොත් එක්ක මෙම ලිපිය බෙදාගන්න අමතක කරන්න එපා යාලුවනේ…



(DVDScr/ ඉංග්‍රිසි උපසිරැසි සහිතයි.)

Share/Bookmark

2012-01-24

The Dirty Picture ( 2011) නමේ හැටියටම Dirty චිත්‍රපටයක්...18+


ඔන්න පොරොන්දු වුන විදියට පසුගිය වසර තුල ඉතාමත් සාර්තක වූ හින්දි චිත්‍රපට අතරින් එකක් අරගෙන ආවා. ඔයාලා දැනටමත් දන්නවා මේ වසරේ Filmfare සම්මාන සදහා නිර්දෙශිත වුන චිත්‍රපට මොනාද කියලා. ඒ නිර්දෙශිත නම් මෙන්න මෙතනින් ඔයාලට බලන්න පුලුවන්. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා මම අද අරගෙන ආපු මේ චිත්‍රපටය. චිත්‍රපටයේ දිවෙන්නෙ 80 දශකයේ සිනමාවේ සිදුවුණු කතාවක්. විශේෂයෙන්ම මේ චිත්‍රපටය ජනප්‍රිය වෙන්න මූලික හේතුව වුණේ මෙහි ප්‍රධාන චරිතය කරන Vidya Balan නිසයි. දැනටමත් ප්‍රධාන සම්මාන උලෙලවල් ගණනාවක ඇය හොදම නිලියට හිමි සම්මානය දිනාගෙන ඉවරයි. එ වගේම මෙම චිත්‍රපටය හොදම චිත්‍රපටය වෙලාත් තියෙනවා.  මට හිතෙන විදියටනම් Filmfare සම්මානත් බොහෝ විට මෙම චිත්‍රපටයට සහ Vidya Balan ට යන්න ඉඩ තියෙනවා.

මෙන්න මෙහෙමයි කතාව කෙටියෙන්. පලමුවෙන්ම කියන්න ඕන චිත්‍රපටය හදලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ හිටපු සරාගී නිලියක් වුණු Silk Smitha ගේ චරිතය ඇසුරු කරගෙනයි. ඇයගේ චරිතයම විතරක් නෙවේ තවත් දකුණු ඉන්දීය සිනමාවේ හිටපු සරාගී නිලියන් කිප දෙනෙක් සහ ලෝක ප්‍රසිද්ධ මැරිලින් මොන්රෝ ගේ චරිතයගෙනුත් පොඩ්ඩ පොඩ්ඩ අරගෙන තියෙනවා මේ කතාවට.

කතාව මෙහෙමයි. රේශ්මා කියන්නේ හරියටම කියනවානම් නිලි පිස්සුව ඔලුවට ගහපු කෙනෙක්. ඇය චෙන්නායි වල ජීවත් වෙන්නේ. ඇයව කසාද බන්දලා දෙන්න සියල්ල සුදානම් කරලා තිබෙන අතරතුර කසාදෙට කලින් දවසේ ඇය ගෙදරින් පැනලා යනවා. පැනලා ගිහින් ඇය චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් මුණ ගැසිලා චරිතයක් ඉල්ලනවා. ඒත් ඔහු ඇයව ගණන් ගන්නේ නෑ. ඔය අතර ඇයට චිත්‍රපටයක සහාය නැටුමකට අවස්ථාව ලැබෙනවා. රේෂ්මා මොකද කරන්නේ දන්නවද… ඇයට ලැබුන චාන්ස් එකෙන් නටන්න තියෙන නැටුම වෙනුවට ඇය සරාගී දර්ශනයක් කරනවා. කොහොමහරි චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන ඒබ්‍රහිම් මෙම දර්ශන අයින් කරලා චිත්‍රපටය තිරගත කරනවා. චිත්‍රපටය අසාර්ථක වෙනවා.

ඔය අතරතුර චිත්‍රපටය නිෂ්පාදනය කරපු සෙල්වා ගනේෂ් දවසක් දකිනවා රෙශ්මා කරපු අර රංගනය. ඔහු ඇයව තමාගේ චිත්‍රපට වලට ගන්න හිතනවා. ඔන්න ඔහොමයි රේශ්මාට රගපාන්න චාන්ස් එක ලැබෙන්නේ.  ඇයගේ නම එදා පටන් Silk වෙනවා. ඉතිං මම කතාවම කියන්න යන්නේ නෑ. එදා ඒ පටන් ගත්ත සරාගී රන්ගනය නිසා ඇය ඉතාමත් ප්‍රසිද්ධ වෙනවා. ජනප්‍රිය වෙන්න ඕනම දෙයක් කරන චරිතයක් වෙනවා ඇය. ඇත්තම කියනවානම් විද්‍යා බාලන්ගේ රංගනය නමේ විදියටම හරිම Dirty. සමහර වෙලාවට හිතාගන්න බෑ සම්මානනිය නිලියක් මෙහෙම රගපානවද කියලා. ඇය ඒ තරමටම සරාගීව රංගනය ඉදිරිපත් කරනවා. ඇත්තටම ඇය ඉතා දක්ෂ නිලියක්. ඇය ඔප්පු කරා ඕන චරිතයක් ඇයට කරන්න පුලුවන් කියලා.

චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2011 දෙසැම්බර් මස 02 වෙනිදා එනම් Silk Smitha ගේ උපන්දිනය යෙදුනු දවසේ සිටයි. ඉතාමත් සාර්තක ලෙස තිරගත වන ආදායම් වාර්තා බිදපු චිත්‍රපටයක්. රංගනයෙන්, Vidya Balan, Naseeruddin Shah, Tusshar Kapoor, Emraan Hashmi යන අය දායක වෙනවා. අධ්‍යක්ෂණය Milan Luthria විසින්, නිෂ්පාදනය Ekta Kapoor විසින්. චිත්‍රපටයේ මනරම් සංගීතය Vishal - Shekhar විසින්. මෙහි එන ගීතයක් වන Ooh La La දැනටමත් සම්මාන කිහිපයක් දිනාගෙන තියෙනවා.

මෙන්න ඒකත් පොඩ්ඩක් බලන්නකෝ.


එහෙමනම් අපි බලමු මේ චිත්‍රපටයට ලැබෙන සම්මාන මොනාද කියලා. ඔන්න බලපු අය නොබලපු අය කමන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.



( ඉංග්‍රිසි උපසිරැසි සහිතයි)


Share/Bookmark

2012-01-23

Filmfare Awards 2012 Nominations...




හින්දි සිනමාවට කැමති කවුරුත් හැ අවුරුද්දෙම බලාගෙන ඉන්නවානේ පසුගිය වසරේ හොදම චිත්රපටය මොකක් වෙයිද කියලා. ඉතිං මේ සැරෙත් හින්දි සිනමාවේ ප්‍රධානතම සම්මාන උලෙලක් වන Filmfare සම්මාන උලෙල පවත්වන්න සියල්ල සුදානම් කරලා ඉවරයි. හැම අවුරුද්දකම වගේ මම ඔන්න ගැන ඔයාලව දැනුවත් කරන්නයි මේ සූදානම.

සම්මාන උලෙල හරියටම පවත්වන්න සුදානම් කරලා තියෙන්නේ 2012 ජනවාරි මස 29 වෙනිදා මුම්බායි හිදී.
ඉතිං අද මම ඔයාලට අරගෙන ආවේ සම්මාන උලෙල සදහා නිර්දේශිත නාමාවලිය. ඔයාලටත් තීරණය කරන්න පුලුවන් කාටද සම්මානය ලැබෙන්නේ කියලා. ඔයාලගේ තීරණය දක්වන්න ඔන්න මම චන්දයක් දාලා තියෙනවා. ඔයාලා කැමති කෙනාට මනාපය දෙන්න පුලුවන්. බලන්න ඔය පැත්තෙන් තියෙන්නේ.

තව දෙයක් මේ සම්මාන සදහා නිර්දෙශිත චිත්‍රපට වලින් කිහිපයක් විතරයි මම මේ වෙනකොට ඔයාලට බාගන්න දීලා තියෙන්නේ. හැබැයි ඉතිරි ටිකත් අද ඉදලා මම ඔයාලට බාගන්න අරගෙන එනවා. ඔන්න ලෑස්ති වෙලා ඉන්න බලන්න සම්මාන ලැබෙන්න කලින් කොහොමද ඒ චිත්‍රපට කියලා.

නිර්දෙශිත නමුත් එක්කම විඩියෝ එකකුත් තියෙනවා. බලලා ඔයාලත් තිරණය කරන්නකෝ කාටද සම්මාන යන්නේ කියලා.

ගිය වසරේ 2011 Filmfare සම්මාන ගැන මෙතනින් ඔයාලට බලන්න පුලුවන්. ඒ සම්මාන උලෙල බාගන්න ඕනනම් මෙතනට යන්න.

ඔන්න මේ වසරට 2012 Filmfare Awards සදහා නිර්දෙශිත නම්….



List Of the 57th Idea Filmfare Awards 2011 Nominations :




Best Film
Don 2

Delhi Belly

The Dirty Picture

No One Killed Jessica

Rockstar

Zindagi Na Milegi Dobara
Best Director

Abhinay Deo – Delhi Belly
Farhan Akhtar – Don2
Imtiyaz Ali – Rockstar
Milan Luthria – The Dirty Picture
Raj Kumar Gupta – No One Killed Jessica
Zoya Akhtar – Zindagi Na Milegi Dobara
Best Actor In A Leading Role (Male)

Ajay Devgn – Singham

Amitabh Bachchan – Aarakshan

Hrithik Roshan – Zindagi Na Milegi Dobara

Ranbir Kapoor – Rockstar

Salman Khan – Bodyguard

Shahrukh Khan – Don2

Best Actor In A Leading Role (Female)

Katrina Kaif – Mere Brother Ki Dulhan

Mahie Gill – Saheb Biwi Aur Gangster

Priyanka Chopra – 7 Khoon Maaf

Vidya Balan – No One Killed Jessica

Vidya Balan – The Dirty Picture
Best Actor In A Supporting Role (Male)

Abhay Deol – Zindagi Na Milegi Dobara
Farhan Akhtar – Zindagi Na Milegi Dobara
Naseeruddin Shah – The Dirty Picture
Pitobash Tripathy – Shor In The City
Vir Das – Delhi Belly
Best Actor In A Supporting Role (Female)

Juhi Chawla – IAM
Kalki Koechlin – Zindagi Na Milegi Dobara
Parineeti Chopra – Ladies Vs Ricky Bahl
Rani Mukerji – No One Killed Jessica
Swara Bhaskar – Tanu Weds Manu
Best Music Director

A.R.Rahman – Rockstar
Ram Sampat – Delhi Belly
Shankar-Ehsaan-Loy – Zindagi Na Milegi Dobara
Sohail Sen – Mere Brother Ki Dulhan
Vishal-Shekhar – RA.One
Best Lyrics

Gulzar – Darling – (7 Khoon Maaf)
Irshad Kamil – Nadaan parindey – (Rockstar)
Irshad Kamil – Sadda haq – (Rockstar)
Javed Akhtar – Senorita – (Zindagi Na Milegi Dobara)
Vishal Dadlani & Niranjan Iyengar – Chammak challo – (RA.One)
Best Playback Singer (Male)

Akon & Vishal Dadlani – Chammak challo (RA.One)

Mohit Chauhan – Jo bhi mein (Rockstar)

Mohit Chauhan – Sadda haq (Rockstar)

Rahat Fateh Ali Khan – Teri Meri (Bodyguard)

Shafqat Amanat Ali – Dildaara (RA.One)
Best Playback Singer (Female)

Alyssa Mendonsa – Khwabon ke parindey (Zindagi Na Milegi Dobara)

Harshdeep Kaur – Katiya karu (Rockstar)

Rekha Bhardwaj & Usha Uthup Darling (7 Khoon Maaf)

Shreya Ghoshal – Teri Meri (Bodyguard)

Shreya Ghoshal – Saibo (Shor In The City)
අපි බලමු 29 වෙනිදාට ඔයාලගේ තීරණෙත් හරිද කියලා...
ඔයාලගේ කමන්ට් මට ගොඩාක් වටිනවා. එ නිසා කම්න්ට් එකක් දාන්න අමතක කරන්න එපා. පහලින් තියෙන Share හරහා යාලුවෝ එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා හොදේ...

Share/Bookmark

2011-12-31

Ra.One ( 2011) කවුද ඔයාලගේ පරිගණක වීරයා...


කාලෙකින් අද මේ පැත්තේ ආවේ අලුත් අවුරුද්දට එකතු වෙලා බලන්න නියම චිත්‍රපටයක් අරගෙන. ගොඩ දෙනෙක් බලන්නත් ඇති බලපු නැති අය එකතුවෙලා බලන්නකෝ. සමාවෙන්න ඕන මේ දවස්වල මම කාර්‍යබහුල නිසා චිත්‍රපට දෙන්න ටිකක් පරක්කු වුණා. ඒත් පුලු පුලුවන් හැටියට ඔයාලට මම අලුත්ම චිත්‍රපට අරගෙන එන්නම්. අනෙක මම චිත්‍රපටය බලන්නේ නැතිව මට ඔයාලට විස්තරයක් දෙන්න බෑ නේ.
මේ චිත්‍රපටය තමා දැනට ඉන්දියානු සිනමාවේ දෙවෙනියට වැඩිම වියදමක් දරපු චිත්‍රපටය. පලවෙනි එක තමා Robot. ඒක කවුරුත් බලන්න ඇතිනේ. අපේ යාලුවෝ ගොඩ දෙනෙක් පරිගණක ක්‍රීඩා වලට කැමතිනේ. මේ චිත්‍රපටය බලනකොටත් අපිට හිතෙන්නේ අපිත් ගේම් එකක් ඇතුලේ ඉන්නවා වගේ. නවීන තාක්ශණය යොදාගෙන හදපු හොද චිත්‍රපටයක්. මමනම් බැලුවේ 3D, මමනම් හොදට රස වින්දා.
මෙන්න මෙහෙමයි කතාව, ශේකර් සුබ්‍රමනියම් කියන්නේ පරිගණක ක්‍රීඩා හදන සමාගමක සේවකයෙක්. ඔහුගේ පුතා වන ප්‍රතීක් හැමවෙලේම කියන්නේ තාත්තා හදන ගේම් හොද නෑ කියලයි. පුතාට ඕන වෙන්නේ හැමදාම වීරයා දිනන්නේ නැතුව සතුරා බලවත් වෙන ක්‍රිඩාවක් සෙල්ලම් කරන්න. ඔහු හැමවෙලේම ශේකර්ට මේ ගැන කියනවා. ශේකර්ටත් ඕන වෙනවා අලුතෙන් වෙනස්ම විදියේ ක්‍රීඩාවක් හදන්න. මොකද එම ආයතනයේ ලොක්කත් ඔහු ගෙන එච්චර පැහැදීමකින් නෙවේ ඉන්නේ. ශේකර් හිතනවා පුතා වෙනුවෙන් සතුරා බලවත් වෙන ක්‍රීඩාවක් හදන්න.

මේ හදන පරිගණක ක්‍රීඩාවේ සතුරා තමා Ra One. ඔහු බලවත්. මෙම ක්‍රීඩාව එලිදක්වන දවසේ පුතාට ඕන වෙනවා ඒක සෙල්ලම් කරන්න. ඔහු ලොග් වෙන්නේ Lucifer කියන නමින්. වට දෙකක් යනකොට ඔහුට ක්‍රීඩාව නතර කරන්න වෙනවා. මේ ගැන Ra One උරණ වෙනවා. Ra One කොහොමහරි පරිගණකයෙන් එලියට එනවා සජිවී බව ලබාගෙන. ඔහු එන්නේ Lucifer ගෙන් පලිගන්න. දැන් කතාව ඇතිනේ… ඉතිරි ටික ඔයාලා චිත්‍රපටය බාගෙනම බලන්න Ra One ට මොකද වෙන්නේ කියලා. G One කියන්නේ කවුද කියලා ඔයාලට ප්‍රශ්ණයක් ඒවිනේ. බලන්නකෝ ඒ කවුද කියලත්...

මේ චිත්‍රපටය නවීන තාක්ශණයට කැමති අය ගොඩාක් කැමති වෙයි. පොඩි කොමඩි කෑලි ටිකකුත් තියෙනවා. එපාවෙන්නේ නැතිව එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන්. ඔන්න 31st Night එකට කට්ටියම එකතු වෙලා බලන්න පුලුවන්.

මෙහි ප්‍රධාන චරිත  Shahrukh KhanKareena KapoorArjun RampalArmaan VermaShahana GoswamiTom Wu යන අය රගපාන අතර, නිෂ්පාදනය Gauri Khan විසින්, අධ්‍යක්ෂණය Anubhav Sinha විසින්. සංගීතය  Vishal-Shekhar විසින් වන අතර ජනප්‍රිය බටහිර ගායකයකු වන Akon විසින් මෙහි ගීතයක් ගායනා කරනු ලබනවා. චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2011 ඔක්තෝම්බර් මස 24 වෙනිදා සිටයි.


මෙන්න එහි අඩංගු ගීතයකුත් අහලා බලන්නකෝ. 


මෙන්න චිත්‍රපටයම Youtube එකෙන් බලනවානම්...


මතක ඇතිව බලපු අය නොබලපු අය සේරම කමන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

ලබන්නා වූ 2012 නව වසර මගේ යාලුවෝ ඇතුලු සියලු ලෝකවාසින්ට සුභම සුභ නව වසරක් වේවා…!!


Share/Bookmark

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More