ඔන්න අද අරගෙන ආවේ කොමඩි චිත්‍රපටයක්. කොමඩි කියනවද හොල්මන් චිත්‍රපටයක් කියනවද කියලා හිතා ගන්න බෑ. තිරණය ඔයාලට බාරයි. මේ චිත්‍රපටය ඉන්දියානු නලු නිලියන් යොදාගෙන බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය වුණු චිත්‍රපටයක්. මේ නිසා මේ චිත්‍රපටයේ පිටපත් දෙකක් නිකුත් වුණා එකක් හින්දි, අනෙක ඉංග්‍රීසියෙන්.
මෙහි කතාව සැකෙවින් ගත්තොත්, Mrs. සෙති කියන්නේ බ්‍රිතාන්‍යයේ පදිංචි ඉන්දියානු කාන්තාවක්. ඇයගේ සැමියා මියගිහින්, ජීවත් වෙන්නේ දුව සහ පුතා එක්ක. ඇයට ඕන ඉක්මණට දුවගෙන් නිදහස් වෙන්න. ඒ නිසා Mrs. සෙති කරන්නේ දුවට මනමාලයන් සොයන එක තමයි. බලන බලන මනමාලයා දුව වන රූපීට අකැමති වෙනවා. හේතුව රූපී මහතින් වැඩි වීම. ඇයගේ වැඩේම නිතරම මොනා හරි කන එක. Mrs. සෙති කරන්නේ රූපීව ප්‍රතික්ෂේප කරන අයගෙන් පලිගන්න ඔවුන්ව මරා දමන එක. අන්තිමට මේ මියගිය අයගේ ආත්ම එනවා ඇයගෙන් පලිගන්න. Mrs. සෙතිට තියෙන එකම විසදුම මිය යන එක. ඇය මැරුණොත් විතරයි අර ආත්ම වලට නිදහසක් ලැබෙන්නේ. Mrs. සෙතිට මැරෙන්න බෑ දුවව කසාද බන්දලා දෙනකම්, ඒ නිසා මේ හොල්මන් ටිකත් Mrs. සෙතිට උදව් කරන්න ගන්නවා දුවට මනමාලයෙක් හොයන්න.
ඔන්න ඔය වගේ කතාවක් තමා මේ චිත්‍රපටයට ඇතුලත් වෙන්නේ. මෙය තිරගත වෙන්න පටන් ගත්තේ බ්‍රිතාන්‍යයේ 2010 අප්‍රේල් මස 21 වෙනිදාත්, ඉන්දියාවේ 2010 මැයි මස 07 වෙනිදාත් ය. මේ සදහා රංගනයෙන් Shabana Azmi, Sally Hawkins, Sendhil Ramamurthy, Zoë Wanamaker යන අය දායක වෙනවා.
ඔන්න කැමති අය බාගන්න. කමන්ට් එකකුත් දාලා යන්න මතක ඇතුව.


11 comments:
ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් මම බානවා,,සිOහළ උපසිරෑසි 1ක්ක ලගදිම චිත්‍රපටියක් දෙන්නෙ නෑද්ද???
Tharindudoo
good blog, keep it up
lets answer those who tarnish Buddhism
බුදුදහමට නිගරු කරන්නන්ට නිසි පිළිතුරු දෙමු , ඔබගේ අදහස් මෙහි පලකරන්න
http://lanka1-answers.blogspot.com/
Thanks a lot for the link machan... sinhala sub dammoth post ekak danna...
@Anonymous ස්තූතියි තරින්දු...:)
ලගදීම එකක් දෙනවා ;)
@Anonymous අනිවාර්යෙන්ම...ස්තූතියි යාලුවා..:)
ස්තූතියි මචන්.ඒත් මට නන් අල්ලන එකක් නෑ..මෙ අවුරුද්දෙ ලස්සන අදර කතා ආවෙ නෑද්ද බන්.
මචන් පුලුවන්නම් මේ චිත්‍රපටි ඉංග්‍රීසි උපසිරසිත් එක්ක තියෙන ටොරන්ට් හොයල දෙන්න.
Omkara
36 China Town
Chameli
@Rotiya ලගදීම එනවා...I hate Luv Storys ;)
(මම කිව්වේ ඒ චිත්‍රපටය මේ දවස්වල ඇවිත් තියෙන්නේ) තාම හොද පිටපතක් නෑ.
@Charith Weerakkody කරීනාට ගොඩාක් කැමතියි වගේ ;)
මෙන්න බාගන්න. :)
Omkara(2005)
36 China Town (2006)
මේක DVD9 එකක්.මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා බාගන්න ඒක.
Chameli (2003)
Chameli Sub මෙතනින් ගන්න.
Thanks ayye... Keep it up!!!!!!!! :)
Chamari Narasinghe
[url=http://buylevitradirectlyonline.com/#jpies]levitra online[/url] - buy levitra online , http://buylevitradirectlyonline.com/#hrgup levitra online without prescription
Post a Comment
ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....
කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]