2010-07-08

Raavan (2010) රාවණා සීතා ආදර කතාව..(සිංහල උපසිරැසි සහිතව)

ඔන්න හැමෝම බලාගෙන ඉන්නවානේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් දෙනකම්, ඔන්න තව එකක් අරගෙන ආවා. කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න චිත්‍රපටයක් අරගෙන ආවේ. චිත්‍රපටය ගැනනම් හැමෝම අහලා ඇති. සිංහල උපසිරැසි දාලා ගොඩාක් දවස් වුනත්, DVDRip එක එනකම් හිටියාට තාම ඒක පිටවුනේ නෑ. ඒක එනකම් ඔයාලට බලන්න PDVDRip එක තමා දෙන්නේ අද. පිටපතේ අවුලක් නෑ. සම්පූර්ණ චිත්‍රපටයම ඇතුලත්. DVDRip එක එනකන් අපි මේක බලමු නේද…


මේ චිත්‍රපටයේ කතාව ගත්තොත් රාමායණය කතාවම තමායි. හැබැයි අලුත් කරලා. ඇත්තටම මම අහලා තියෙන විදිහට අපේ රාවණා රජතුමා සීතාව අරගෙන එන්නේ , රජතුමාගේ නැගණියව පැහැරගෙන ගිය නිසා පලි ගන්න. ඒත් ඉන්දියාවේ අය අපේ රාවණා රජතුමාගේ හොදක් කොතනවත් සදහන් කරන්නේ නෑ නේ. හැබැයි මේ කතාවේ ඉන්න රාවණා හොද කෙනෙක්.
 මෙහෙමයි කතාව, බීරා කියන්නේ කැලේ ඉන්න දාමරිකයෙක්. පොලීසිය ඔහු පස්සේ පන්නනවා. බීරා පොලිසියෙන් පලි ගන්න ඒ පලාත බාර පොලිස් නිලධාරියා වන දේව්ගේ බිරිද  රාග්නීව පැහැරගෙන යනවා. මුලු චිත්‍රපටයෙන්ම පෙන්වන්නේ දේව් රාග්නීව බේරගන්න කරන උත්සාහය සහ බීරාට වෙන අසාධරණ ගැන තමයි. කතාව බාගෙනම බලන්න ඉතිරි ටික.
 ඔයාලා අහයි රාමායණය වගේනම් හනුමාත් ඉන්නවද කියලා, ඔව් ඒ වගේම පනිවිඩකරුවෙක් ඉන්නවා ඒ චරිතේ රගපාන්නේ ගෝවින්දා. අනෙක් චරිත එනම් බීරා ලෙස අභිෂේක් බච්චන්, රාග්නී ලෙස ඓශ්වර්යා රායි සහ දේව් ලෙස වික්‍රම් රගපානවා.
කවුරුත් දන්නවානේ මේ චිත්‍රපටය දකුණු ඉන්දියාවේ ප්‍රවීණ අධ්‍යක්ෂක මනිරත්නම්ගේ චිත්‍රපටයක්. මනිරත්නම් මේ චිත්‍රපටයේ දර්ශන ශ්‍රී ලංකාවේ කරන්න කලින් හිතාගෙන හිටියේ. දන්නවානේ අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්ණ නිසා ඔහු අපේ රටේ මෙය රූ ගත කරේ නෑ. පසුගිය iifa සම්මාන උලෙල ලංකාවේ පැවැත්වෙනවටත් විරුද්ධව කතා කරපු කෙනෙක් තමා මනිරත්නම්. කෙසේ වෙතත් රාවණා ගැන හොද පැත්තක් මේ චිත්‍රපටයෙන් කතා කිරීම ගැන අපි සතුටු වෙන්න ඕන. අන්තිමට චිත්‍රපටය රූ ගත කරලා තියෙන්නේ කර්ණාටක ප්‍රාන්තයේ කැලයක. මේ චිත්‍රපටය හින්දි සහ දමිල යන භාෂා දෙකෙන්ම නිපදවනු ලැබුවා.
තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය ජූනි මස 18 වෙනිදා සිටයි. හොද චිත්‍රපටයක්. හොදට රස විදින්න පුලුවන්, ඔයාලත් බාගෙන බලලා ලියන්නකෝ අදහස් කොහොමද කියලා.
මෙහි සංගීතය ඒ. ආර්. රහ්මාන්ගේ, අහලා බලන්නකෝ සිංදු ටික කොහොමද කියලා.


Beera Beera
Behene De
Thok De Killi
Ranjha Ranjha
Khilli Re
Kata Kata














මෙන්න Screenshots,



31 comments:

Anonymous said... Reply to comment

මචෝ සිOහළ උපසිරෑසි වලට ස්තූතියි,,,DVD RIP එනකන් ඉන්න තිබුන මේක දෙන්න,,,
Quality එහෙම කොහොමද??/

Anonymous said... Reply to comment

මේකේ DVDRIP ආවම ඒකත් 1ක්ක මේ උපසිරෑසි වෑඩ කරයිද??

Anonymous said... Reply to comment

රවණා කියන්නේ ලෝකෙට බිහිව්ච්ච ශ්‍රේෂ්ඨ රජෙක්, අති දක්ෂයෙක්. සටන් කලේ අසාධාරණයට එරෙහිව. රාමායනයේ කොහෙවත් එහෙම කියන්නේ නෑ. මෙම චිත්‍රපටිය බලන කට්ටිය බලන කට්ටියට ඒකත් මතක් කරන්න කැමති.

Anonymous said... Reply to comment

1st Anonymous ට: උඹත් මාර දෙවල්නෙ බං දන්නෙ. අනේ අපිනම් දන්නෙ නෑ.

Rotiya said... Reply to comment

අඩෝ ඕක ඊයෙ නිකන් කම්මෑලිකමේ ඉද්දි ගිහින් හෝල් 1න් බෑලුවනේ..අපරදේ..එල ෆිල්ම් 1.
අඩෝ මේ මේ බ්ලොග් එක ලොඩ් වෙනව පට්ට ස්ලෝ නෙ බන් මට
ඈයි එ ?

බණ්ඩාර said... Reply to comment

@Anonymous ස්තුතියි යාලු, DVDRip එනකම් අපි මේක බලමු. කොපිය අවුලක් නෑ, ඔන්න මම ScrenShots දැම්මා. :)
මේකට සබ් දාලා ගොඩාක් බලන් හිටියා යාලු, ඒත් DVDRip ආවේ නැති නිසා තමා දැම්මේ. ලගදීම ලංකාවට එනවා, ඊට කලින් ඔයාලට දෙන්න හිතුවා මම ;)

බණ්ඩාර said... Reply to comment

@Anonymous DVDRip ඒක ආවාම මේ සබ් එක වැඩ කරේ නැත්නම් මම ඒක හදලා දෙන්නම්. එතකන් මේක බලමු අපි, ;)

බණ්ඩාර said... Reply to comment

@Anonymous ස්තූතියි අදහස් වලට යාලු, ඇත්ත රාවණා රජතුමා කියන්නේ අපේ රටේ විතරක් නෙවේ ලෝකෙටම ශ්‍රේෂ්ට රජ කෙනෙක්, ඒත් අපේ ඉතිහාසේ ඒ රජතුමා ගැන හරියට උගන්වන්නේ නෑ, ඒ ගැන අපි කණගාටු වෙන්න ඕන,
ඉන්දියාවේ අය එයා ගැන හිතාගෙන ඉන්නේ රාක්ෂයෙක් කියලා, ඒත් ඔයා කිව්වා වගේ රාවණා රජතුමා සටන් කරේ අසාධාරණ වලට විරුද්ධව...:)

බණ්ඩාර said... Reply to comment

@Rotiya කමක් නෑ, මේකත් බලලා සිංහල සබ් කොහොමද කියන්නකෝ...;) ස්තූතියි යාලු.
ගොඩාක් Slow වෙනවද මේක. පොඩ්ඩක් ඒ ගැන බලන්න ඕන.:(

Ansh Lucky Sri Jay said... Reply to comment

පේජ් එක ලෝඩ් වෙන්න පරක්කුයි..
රාවණ් චිත්‍රපටය දැමීම ගැන නම් ස්තූතිවන්ත වෙනවා..
:)

බණ්ඩාර said... Reply to comment

@Ansh Lucky Sri Jay ස්තූතියි යාලු, පොඩ්ඩක් බලන්න ඕන මොකද ලෝඩ් වෙන්න පරක්කු කියලා :) මෙහෙනම් අවුලක් නෑ. ;)

Rotiya said... Reply to comment

ow ban.hugak slow ne.hugakma slow.anith ayatath a prolem eka thiyeida danne na.mata nan marama slow.
ela ela thankx again machan sub walata :)

බණ්ඩාර said... Reply to comment

@Rotiya ස්තූතියි යාලු කමන්ට් එකට, ඔන්න ඔයා කියපු නිසාම co.cc domain එකකුත් දාගත්තා.
දැන් මේකෙනුත් ඔයාලට බලන්න පුලුවන්.

http://hindichithrapata.co.cc/

#චමිල# said... Reply to comment

machan sinhala sub file aka ganna bane... invalid or delete file kiyala enawa..... puluwan nam maata mail karanna kauru hari..
chamilacreation@gmail.com

බණ්ඩාර said... Reply to comment

ඔන්න මම සබ් එක ආයෙත් අප්ලෝඩ් කරා, දැන් බාගන්න. :)

Anonymous said... Reply to comment

ai subtitle penne nathte ???????????????????? menna me vidihata thama penne, upload kalata godaaak tnxx

තර්ඩ් මෑන් (SIDATH) said... Reply to comment

නියමයි ! බොහොම ස්තූතියි :)

බණ්ඩාර said... Reply to comment

@Anonymous චිත්‍රපටය බලන්න MPCStar Player හරි KMPlayer එක හරි භාවිතා කරන්න. ඒත් ?????? මෙහෙම පේනවානම් කියන්න. ස්තූතියි. :)

Zeus said... Reply to comment

Subtitles Links dead haloooooooooooooo

Anonymous said... Reply to comment

can't download subs

hindichitthrapata said... Reply to comment

@Zeus
ඔන්න මම ලින්ක් වෙනස් කරා. දැන් බාගන්න. Rapidshare, mediafire දෙකම ලින්ක් අයින් කරනවා. ඔන්න දැන් වෙන දෙකක දැම්මා. බාගන්න බැරිනම් කියන්න. :)

Bandara( බණ්ඩාර) said... Reply to comment

@Anonymous ඔන්න ආයෙත් දැම්මා..බාගන්න දැන්..:)

Anonymous said... Reply to comment

meke sinhala TORRENT download link eka dennako............................

Nimesha Rathnayake said... Reply to comment

Ravn.2.CD.Untouched.AC3.DVD.Rip.Tolly eke sub dennako....

Nimesha Rathnayake said... Reply to comment

Ravn.2.CD.Untouched.AC3.DVD.Rip.Tolly eke sinhala sub hadala dennako...

shashika said... Reply to comment

cant download sub....

Anonymous said... Reply to comment

dvd rip akke sinhala sub wada karanne na
aka sinhala sub download karanna ba

Anonymous said... Reply to comment

බණ්ඩාර් කවද්ද අපිට් තව අලුත් එකක් දෙන්නෙ.මේ කරන සේවයට ගොඩාක් පින් සිද්ද වෙනව ඔයාට.

Anonymous said... Reply to comment

eththatama meka godak watinawa.lassana film thiyanawa.thanks for you

චතුරංග රූපසිංහ said... Reply to comment

සින්හල සබ් ගන්න බෑනේ

බණ්ඩාර said... Reply to comment

@චතුරංග රූපසිංහ Subtitle file updated. Now You can download again. Enjoy :)

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....

කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More