2010-11-11

Peepli [ Live] (2010) සියදිවි නසාගන්නයි ලෑස්තිය....


ඔන්න අද මම අරගෙන ආවේ මේ දවස්වල ඉන්දියාවේ විතරක් නෙවේ මුලු ලෝකෙම අවධානය දිනාගත්ත හින්දි චිත්‍රපටයක්. මේ වසරේ පැවැත්වෙන 83 වන ඔස්කාර් සම්මාන උලෙල සදහා ඉන්දියාවෙන් නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මෙම චිත්‍රපටයයි. ඉන්දියාවෙන් හැමදාම වගේ ඔස්කාර් යන්නේ ආමීර් ඛාන් සම්බන්ධ චිත්‍රපටයක්නේ. මතක ඇති ඔයාලට, ඔහු රගපෑ  Earth,  Lagaan, Rang De Basanti, Taare Zameen Par  යන චිත්‍රපට ඉන්දියාවෙන් ඉදිරිපත් කරා. මේ චිත්‍රපටයේ නිෂ්පාදනයත් ආමිර් ඛාන්ගේ.

මේ කතාව මුලින්ම ලියාඇත්තේ NDTV චැනලයේ මාධ්‍යවේදී Anusha Rizvi විසින්. අධ්‍යක්ෂණයත් ඇය විසින්මයි. මේ චිත්‍රපටය 1997 දී තිරගත වූ හොලිවුඩ් චිත්‍රපටයක් වූ Mad City  අනුසාරයෙන් නිපදවනු ලැබූවක්.

කතාව කෙටියෙන් ගත්තොත්, ඉන්දියාවේ බොහෝම පිටිසර ගමක් වන පීප්ලී වල ජීවත්වෙනවා නාතා නම් තැනැත්තෙක්. නාතා ඇයගේ බිරිද, ලමයින්, එකම සහෝදරයා සහ ඔහුගේ වයසක අම්මාත් එක්ක ජීවත් වෙන්නේ බොහෝම අමාරුවෙන්. නාතා හා ඔහුගේ සහෝදරයා වන බුදියා ජීවිකාව හැටියට කරන්නේ ගොවිතැන්. හැබැයි මොවුන් උපයන සොච්චමත් වැයවෙන්නේ සුරාපානයට.
මොවුන් ණය බරින් මිරිකිලා ඉන්නකොට ණයින් නිදහස් කිරීමට ඔවුන්ගේ කුඹුර පවරා ගැනීමට සැරසෙනවා. ඔවුන් පිහිට පතාගෙන යන්නේ ගමේ ලොක්කා ලගට. ඔහු පවසනවා සියදිවි නසාගත්තොත් මුදලින් ලක්ෂයක් ලැබෙනවා කියලා. මේ දවස් වල ඉන්දියාව පුරාම ගොවියන් සියදිවි නසාගනිමින් පවතිනවා ජීවත් වීමට අපහසු නිසා. ඔන්න මේ වැඩිමල් සහෝදරය බුදියා මොකද කරන්නේ තමන්ගේ මල්ලිව පොලඹනවා සියදිවි නසාගන්නා ලෙස.
මොහු සියදිවි නසාගන්න යන ආරංචිය රෑපවාහිනී සේවා මගින් ප්‍රචාරය වෙනවා. ඔන්න ඊට පස්සේ තමයි නියම කතාව පටන් ගන්නේ. ඒ ටික මම කියන්නේ නෑ ඔයාලා බාගෙනම බලන්න. දේශපාලන පක්ෂ සහ මාධ්‍ය ආයතන කටයුතු කරන ආකාරය තමා මෙයින් පෙන්නුම් කරන්නේ. කතාවා බාගෙනම බලන්න මේ නාතා සියදිවි නසාගනීද ඔවුන්ට ඔය කියන මුදල් ලැබේද කියලා.

හොද කතාවක්. රූපගත කරලා තියෙන්නේ ඉන්දියාවේ Bhadwai කියන ගමේ. මේ චිත්‍රපටය නිසාම මේ ගමත් දැන් ගොඩාක් ප්‍රසිද්ධයි. ප්‍රධාන චරිත   Omkar Das Manikpuri , Naseeruddin Shah, Raghubir Yadav, Nawazuddin Siddiqui, Shalini Vatsa සහ Malaika Shenoy යන අය විසින් රගපානවා. මීට අමතරව අනෙකුත් චරිත ඒ ගම් වලම අය රගපාලා තියෙන්නේ. තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය අගෝස්තු 13 වෙනිදා සිටයි.

චිත්‍රපටය බලලා ඔයාලත් කමන්ට් එකක් දාලා යන්න මතක ඇතුව.




5 comments:

dinesh said... Reply to comment

තැන්කූ මචෝ...ඔන්න දැම්මා බෑවෙන්න.කොලිටි එක හොඳයි නේද?

Thusitha Sampath said... Reply to comment

ස්තුතියි මචන්......!නමුත් තාම බැලුවේ නම් නෑ...අනිවා අරගෙන බලනවා....!

බණ්ඩාර said... Reply to comment

@dinesh අනිවාර්යෙන්ම...මේක DVDRip එක. බාගෙනම කියන්නකෝ කතාව හිතට ඇල්ලුවාද කියලා. ස්තූතියි යාලු. :)

බණ්ඩාර said... Reply to comment

@Thusitha Sampath ස්තූතියි යාලුවා. බාගෙන චිත්‍රපටය බලලා කමන්ට් එකක් දාන්න අනෙක් අයටත් දැනගන්නත් එක්ක. :)

Anonymous said... Reply to comment

bla bla !!!

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....

කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More