2010-11-02

Udaan (2010) දෙමාපියන්ගේ ආදරේ අපිට ඕනමයි නේද....


අපි කවුරුත් අපේ ජිවිත කාලෙන් වඩාත්ම ප්‍රිය කරන කාලය තමයි පාසල් කාලය කියන්නේ. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ අපිටත් අපේ පාසල් කාලේ මතක් කරමින්. කාටත් මතක ඇතිනේ පාසල් කාලේ කරපු දග වැඩ එහෙම.

 චිත්‍රපටයේ කතා නායකයා වන රොහාන් ගේ වයස අවුරුදු 17, ඔහු නේවාසික පාසලක ඉගෙනුම ලබන්නේ. දවසක් රෑ ඔහුගේ යහලුවන් 3 දෙනාත් සමග නේවාසිකාගාරෙන් පැනලා යනවා චිත්‍රපටයක් බලන්න. යන්නෙත් වැඩිහිටියන්ට පමණක් ලේබලේ යටතේ තියෙන චිත්‍රපටයක් බලන්න.

කොහොම හරි මේක අහුවෙනවා ඉස්කෝලෙට. ඔවුන් හතර දෙනාම පාසලින් ඉවත් කරනවා. රොහාන්ට සිද්ධ වෙනවා අවුරුදු 8 ට පස්සේ ගෙදර යන්න. ඒ අවුරුදු 8ට ඔහු ඔහුගේ තාත්තාව දැකලා තිබ්බෙත් නෑ. රොහාන්ගේ මව මිය ගිහින්. ඔහු ගෙදර යනකොට තාත්තාගේ දෙවන කසාදේ පිරිමි ලමයෙකුත් ගෙදර ඉන්නවා. ඒ ලමයාගේ වයස 07යි. තාත්තා හිට්ලර් වගේ කෙනෙක්. තාත්තාට කතා කරන්න ඕනෙත් සර් කියලා. කොහොමහරි තාත්තා කරන්නේ රොහාන්ව ඔහුගේ යකඩ වැඩපලේ වැඩට දානවා. හවස් වරුවේ ඉංජිනේරු විද්‍යාලයකට යවනවා. ඒත් මේවට රොහාන් කැමති නෑ. ඔහුගේ එකම බලාපොරොත්තුව ලේඛකයෙක් වීමයි.

කතාවේ ඉතිරි ටික චිත්‍රපටය බාගෙනම බලන්න. රොහාන්ට ඔහුගේ සිහින සැබෑ කරගන්න පුලුවන්ද කියලා. ලස්සන කතාවක්. ඒ වගේම සංවේදී කතාවක්. මෙහෙමත් තාත්තලා ඉන්නවාද කියල හිතෙනවා බලනකොට. අපේ ජීවිත වලට දෙමාපියන්ගේ ආදරේ ඕනම දෙයක්. ඒක නොලැබුනොත් අපි යන්නේ වැරදි මාර්ග වල.

බලලා කමන්ට් කරන්නකෝ ඔයාලට මොකද හිතුණේ කියලා.

මේ චිත්‍රපටය සාර්ථක නිර්මාණයක් නිසාම 2010 කෑන්ස් සිනමා උලෙලත් නියෝජනය කරා. ප්‍රධාන චරිත Rajat Barmecha, Ronit Roy, Aayan Boradia, Ram Kapoor, Manjot Singh  යන අය විසින් නිරූපණය කරා. අධ්‍යක්ෂණය Vikramaditya Motwane  විසින්, නිෂ්පාදනය Sanjay Singh, Anurag Kashyap, සහ Ronnie Screwvala  විසින්.



2 comments:

Rockey_s said... Reply to comment

:D tnx mcn

බණ්ඩාර said... Reply to comment

@Rockey_s Your most welcome :)

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....

කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More