2011-01-06

Spanish Beauty (2010) අසම්මත ආදරයක අවසානය.......


අද මම අරගෙන ආපු හින්දි චිත්‍රපටය මෙක්සිකන් චිත්‍රපටයක්, හින්දි භාෂාවට හඩ කවන ලද චිත්‍රපටයක්. 2005 දී තිරගත වුණු La mujer de mi hermano  චිත්‍රපටය තමා මෙලෙස හින්දි භාෂාවට හඩ කවා ඇත්තේ. විශේෂයෙන්ම මෙය හඩ කැවීමට හේතුව තමා  Bárbara Mori  . ඔයාලට මතක ඇතිනේ Kites චිත්‍රපටය. එම චිත්‍රපටය හරහා හින්දි සිනමාවට පිවිසි ඇය රගපානු ලැබූ චිත්‍රපටයක් තමා මෙලෙස ඉන්දියාවෙදී නැවත නිකුත් වුණේ.

මෙන්න මෙහෙමයි කතාව, කතා නායිකාව වන Zoe තම සැමියා වන Iganacio සමග පවුල් ජිවිතයක් ගත කරත් ඇය ඔහුගෙන් කිසිම සතුටක් ලබන්නේ නෑ. ඔවුන් දෙදෙනාගෙ අදහස් ගැලපෙන්නේ නෑ. ඔය අතර ඔහුගේ කලින් හොදම යාලුවා වන Gonzalo ඇයට සමිප වෙනවා. හැගීම් වලට වහල් වන ඇය ඔහු සමග සමීප සබදතාවයක් ගොඩ නගා ගන්නවා. ඒත් මේ යාලුවා ඇයට ලංවෙන්නේ වෙනම අරමුණකින්. ඒ මොකක්ද කියලා ඔයාලට චිත්‍රපටය බලලා දැනගන්න මම ඉඩ හරිනවා.

ලස්සන කතාවක්. එපාවෙන්නේ නෑ. ඒත් පොඩි ලමයින්ටනම් එච්චර හොද නෑ. මම හිතන්නේ මෙය මෙක්සිකන් චිත්‍රපටය සංස්කරණය කරලා ඉන්දියාවට ගැලපෙන විදියට හදලා තියෙනවා. ඔයාලා බගෙනම බලන්නකෝ.

මෙහි ප්‍රධාන චරිත Bárbara Mori, Manolo Cardona,  Christian Meier  යන අය රගපානු ලබන අතර අධ්‍යක්ෂණය Ricardo de Montreuil  විසින්, නිෂ්පාදනය Sashi Chimala විසින්. Jayanthilal Gada ඉදිරිපත් කිරීමක්.  ඉන්දියාව තුල ප්‍රදර්ශනය ආරම්භ වුණේ 2010 නොවැම්බර් මස 19 වෙනිදා සිටයි.

තවත් දෙයක් මෙම චිත්‍රපටය සදහා Atif Aslam ගායනා කරන ලද Maula ගීතය බෙහෙවින් ජනප්‍රිය ගීතයක්. ඔන්න ඒකත් අහලා බලන්නකෝ.


තවත් ලස්සන ගීත කිහිපයක්ම මෙහි අඩංගුයි.







7 comments:

Chathuranga said... Reply to comment

Wenas Type Ekaka Movie Ekak NE...Baganama Balamu Ehenam...... :)

බණ්ඩාර said... Reply to comment

@Chathuranga ඔව් ඔව් වෙනස්ම විදියේ කතාවක් තමා ;) (18+) බාගෙනම බලන්නකෝ. හොද කතාවක්. ස්තූතියි කමන්ට් එකට.

Charith Weerakkody said... Reply to comment

මේක අද භාගත කරගෙන බැලුවත් කෘතිම ගතියක් තියෙන්ව ෆිල්ම් එකේ. සමහර විට ඒ මේ ෆිල්ම් එක හඬ කවපු එකක් නිසා වෙන්න ඇති.

කොහොමද මේ වගේ ෆිල්ම් දෙක, තුනක් වත් සිංහලට හඬ කැව්වනම්?

සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට!

බණ්ඩාර said... Reply to comment

@Charith Weerakkody ඒකනම් ඇත්ත. සිංහලට හඩ කවලා අපේ රටේ චිත්‍රපට පෙන්වන්නෙම නැති තරම් නේ. ඉස්සරම කාලේ හින්දි චිත්‍රපට හඩ කවලා නේ අපේ පෙන්වලා තිබ්බේ. ඒ අතින් ඒ කාලේ දැනට වඩා දියුණුයි ;)
මේ චිත්‍රපටයේ කතාවත් මුල් චිත්‍රපටයට වඩා වෙනස්. මම අහපු විදියට මුල් මෙක්සිකන් චිත්‍රපටයේ Gonzalo නිරූපණය කරන්නේ Iganacio ගේ මල්ලිගේ චරිතය. මෙම චිත්‍රපටයේ එය යාලුවෙක් බවට පත්කරලා.
ස්තූතියි කමන්ට් එකට :)

Anonymous said... Reply to comment

hoda 18+ filmz tikak danakooo niwaduwee bla wath

Anonymous said... Reply to comment

ane meka download karanna bane...save file kiyala watenne..ekata mkada karanne?

kasun kalhara said... Reply to comment

හොද චිත්‍රපටයක් වෙන්න ඔන බලමු භාගෙනම
http://www.seevlk.com/video-songs-play.php?songs-id=883

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....

කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More