2011-03-08

Pusher (2010) කුඩු බිස්නස්කාරයෙක්ගේ ස්ටෝරියක්....


නම අහපු ගමන් ගොඩාක් අය මේ නමින් තිබුණු චිත්‍රපටයක් බලලා ඇති. ඔයාලා හිතුවා හරි. මේක හින්දි චිත්‍රපටයක් වුණාට 1996 දී තිරගත වුණු Pusher නම් Danish crime film එකේ හින්දි නිෂ්පාදනය තමා මේ චිත්‍රපටය. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය හින්දි සිනමාවට අලුත් වෙනසක් අරගෙන ඇවිත් තියෙනවා. මෙතෙක් කල් නිෂ්පාදනය වුණාට වඩා වෙනස්ම ආකාරයේ හින්දි චිත්‍රපටයක්. ඒ කියන්නේ හොලිවුඩ් ගණයේ නිෂ්පාදනයක්. තැන තැන තිබුණු විචාර ගැන බලනකොටනම් චිත්‍රපටය සාර්තකත්වයක් ලබලා තියෙනවා.

මෙහි කතාව ගලාගෙන යන්නේ සලීම් නම් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සපයන්නකු වටායි. ඔහු ලන්ඩන් වල තමන්ගේ මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. දවසක් මේ ගණුදෙනුවකදී ඔහු පොලීසියට අහුවෙනවා. ඔහු කරන්නේ තමන්ව අත් අඩංගුවට ගන්නකොට අර මත්ද්‍රව්‍ය සියල්ල වතුරේ පා කර හරිනවා. ඔහු පොලිසියෙන් බේරුණත් ඔහුට මත්ද්‍රව්‍ය සපයපු අයගෙන් බේරෙන්න වෙන්නේ නෑ. ඔහුගේ කතාව තමා මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ.

ප්‍රධාන චරිතය කරන්නේ Assad Raja නම් නවක නලුවෙක්. ඔහු තමා මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නෙත්. ඔහු බ්‍රිතාන්‍යයේ ඉපදී එහි රූපවාහිනී නාට්‍ය වල රගපානු ලබන නලුවෙක්. ඔහු සහ අනෙක් ප්‍රධාන චරිතයක් කරන Mahima Chaudhry ඉතා හොදින් රංගනයේ යෙදෙනවා. කාලෙකට පස්සේ තමා අපිට Mahima ව නැවතත් දැකගන්න ලැබෙන්නේ මේ චිත්‍රපටය හරහා. මීට අමතරව අනෙකුත් චරිත Marv Anwar, Pasha Bocaria, Mohammed Zadran විසින් රගපානවා.

චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2010 ඔක්තෝම්බර් මස 15 වෙනිදා සිටයි.



Pusher මුල් නිෂ්පාදනය ගැන කතා කරොත් එහි කොටස් තුනක් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ චිත්‍රපටය ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්න පුලුවන්.

හොලිවුඩ් ආකාරයට හැදුණු ක්‍රියාදාම හින්දි චිත්‍රපට වලට කැමති අයට හොද චිත්‍රපටයක්, බාගෙන බලලා කමන්ටුවකුත් දාලා යන්න.




ඉංග්‍රීසි උපසිරැසි සහිතයි.

7 comments:

Chathuranga said... Reply to comment

හොදයි වගේ_බා ගන්න දාන්නමීකෝ_Thanx Bandara....

dinesh said... Reply to comment

මමනම් දෙන ඔක්කොම බානවා.ඔන්න මේකත් ඩවුන්.

Chathuranga said... Reply to comment

@Bandara - Moko Bandara Me Saddayak Naththe Ea Para?????Sahena Kalekin Film Ekak Damme Nahene....Dan Masekin Withara.... :(

AM Creations said... Reply to comment

mokada ban me site1 update wenne nette?
Uba Asanipen wathda?

Thusitha (දිමා) said... Reply to comment

‍මොකද මචං කාලෙකින් පොස්ට් එකක් දාල නැත්තේ....
උබ හොදින් නේද??

Chathuranga said... Reply to comment

Moko Me Site Up Wenne Naththe Bandara...Masa Ganakin Paththa Palathe Awith Nahane...Moko Une????

Anonymous said... Reply to comment

බොහොම ස්තුතියි බණ්ඩාර ඔයාගෙ මේ සේවයට. විශේෂයෙන් සිංහලෙන් උප සිරසි දෙන චිත්‍ර පටි විදේශ රටවල ඉන්න අපිට බලන්න විදියක් නැහැ. ඔයාට හැකි නම් ඒ වගේ චිත්‍ර පටි තව තවත් එකතු කරන්න.

සුජිත්

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....

කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More